පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හා තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අද (09දා) මහනුවරදී පොදු විපක්ෂයේ වේදිකාවට ගොඩ වන බවට කතා පැතිර ගියත් තමන් හා තම පියා එවැනි තීරණයක් ගෙන නැති බව පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමරතුංග මෙනවිය පැවසුවාය.
එසේම තමන් මේ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකට එක්ව සිිටින බව ඇය පැවැසුවාය.
" මම බී.එම්.අයි.සී.එච්. එකේ නාමල් මන්ත්‍රිතුමාගේ උත්සවයට යන ගමන්. මම කොළඹ ඉන්නේ. තාත්තිත් කොළඹ ඉන්නේ. අපිට කතා ඇත්තද බොරුද කියන්න උවමනාවක් නෑ. අපි යන්න හිටපු කට්ටිය නොවෙයි. කතා පටන් ගන්න කට්ටියගෙන්ම ඒක අහන්න වෙනවා."