රටතුළ සිදුවන නීතිවිරෝධී ඛනිජ කැණීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා වෙළෙඳාම් කිරීම පාලනය කිරීම සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශය සහ පොලිස් දෙපාර්තමේන්තුව එක්ව විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කර තිබේ.
මෙම ඒකකයේ වැඩ කටයුතු නිල වශයෙන් හෙට (26දා) සිට ආරම්භ වන බවත්, එම ඒකකයට තොරතුරු ලබාදීම සඳහා අද දිනයේදී ක්ෂණික දුරකථන අංකයක්ද හඳුන්වාදෙන බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතට අනුව දිවයිනේ සියලුම ඛනිජ සඳහා ගවේෂණය කිරීම, කැණීම් කිරීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා වෙළෙඳාම් කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අවසර පත්‍රයක් ලබාගත යුතුය.