මෙරට භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම් පිළිබඳව ඉතා විශාල ලෙස අන්තර් ජාලය ඔස්සේ ජාත්‍යන්තර ප්‍රචාරයක් ගෙන යන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් ලෙස ජිනීවා මානව හිමිකම් කොමිසමට ගෙන යාමේ උත්සාහයක් තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ සඳහා භික්ෂූන් වහන්සේලාගේ විරෝධතා දැක්වීම් , දේශන හා කරුණු ඉදිරිපත් කිරීම් යොදා ගන්නා බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය. නව පිරිවෙන් ගුරු පත්වීම් 250ක් ප්රදානය කිරීමේ උත්සවයට අද (17) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය