රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත මෙවන් වකවානුවක ඉතා යෝග්‍ය බවත් දේශපාලන පටු ආකල්ප මත නොපිහිටා කටයුතු කිරීම සියලුදෙනාගේම වගකීමක් බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කියා සිටිති.
මෙවන් පනතක අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ කාලයක පටන් එවකට පැවති රජයට ඊට අදාළ වන සම්මුතීන්ද ඉදිරිපත් කළද, එවකට පැවති රජයේ දේශපාලනික අරමුණු නිසා මුලික තැනක් නොදුන් බවද ලිපියෙහි සඳහන්ය.