මෙරට සෑම පුරවැසියෙකුටම තමන්ගේ මව් භාෂාවෙන් ලිඛිතව හා වාචිකව ඕනෑම රාජ්‍ය කාර්යාලයක සිට ප්‍රතිචාර ලබා ගැනිමේ අවස්ථාව ඇති කරලීම රාජ්‍ය භාෂා අමත්‍යවරයාගේ අවසාන ඉලක්කය බව ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේසන් මහතා පැවසීය. භාෂාව පදනම් කරගෙන මෙරට තුල යලිත් ජාති වාදය , බෙදුම්වාදය, අන්තවාදය , ත්‍රස්තවාදය හෝ රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමට යහපාලන රජය ඉඩ නොතබන බවයි අමාතවරයා පෙන්වා දුන්නේ. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කල 2015 වසරේ ප්‍රථම හා දෙවන අර්ධ වාර්ෂික භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කල සිසුන් සඳහා සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට බොරෙල්ලේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. සහජීවනයේ පිරිපුන් සාමකාමී සමාජයක් උදෙසා වන දෙපාර්තමේන්තුවේ දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා භාෂා ඉගෙනුම් අවශ්‍යතා හදුනාගත් සමාජයක් දිරිමත් කොට භාෂා ප්‍රවීණතා සහිත පුද්ගලයින් ඇගයීම මෙහි මුලික පරමාර්ථයයි. මෙහිදී සහතිකපත් ලාභීන් 550 දෙනෙකුට සහතිකපත්‍ර පිරිනැමීම සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කෙසේ හෝ රටේ සැබෑ සංහිදියාව ඇති කිරීමට හා සහජීවනය ඇති කිරීමට සහතිකපත්ලාභි මෙම භාෂා පුහුණු සිසුන් දායක විය යුතු බවයි. මේ අනුව මෙරට නැවත බෙදා වෙන් කරන්නට ඉඩ නොදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ. රාජ්‍ය භාෂා අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක ගමන් කරන බැවින් සංහිදියාව හා සහජිවනය ඇති කරලීමට දායක වී සිටින බවද ඔහු මෙහිදී සදහන් කළේය.