ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සමාජ කණ්ඩායම්වල මාධ්‍ය ක්‍රියාකාරකම් වළක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කර ඇති නියෝගය ගැන පළවී ඇති වර්තා මත ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ජෙන් සාකිගේ නිවේදනයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
භාෂණයේ හා රැස්වීමේ නිදහස් ඇතුළුව ශ්‍රී ලංකාවේ චිරාගත, අභිමානනීය ප්රජාතන්ත්රවාදී සම්ප්රදායයන් මෙම අණින් පීඩාවට පත්වන බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටු කරගන්නා වූ ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධානවලට නිදහස්ව කටයුතු කිරීමට ඉඩ දෙන මෙන් ශ්‍රී ලංකා රජයට බල කරන බවද එම නිවේදනයේ වැඩිදුටත් පැවසෙයි.