මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය ඉදිරිපිට පිහිටි වනාන්තර ප්‍රදේශයක තිබෙන ගල් ගුහාවක වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමකට එම ස්ථානයෙන් වහාම ඉවත් වන්නැයි වනජීවී දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂ නිලධාරියා විසින් අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින ස්ථානයේ දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරමින් දින 07ක් තුළ ඉදිකිරීම් ඉවත් කර ගන්නා ලෙස දන්වා ඇත.
ඇළහැර, 12 කණුව ප්‍රදේශයේ පිහිටි මහසෙන් විහාරස්ථානයේදී 1989 වසරේ පැවිදි උපසම්පදාව ලබන තමන් වහන්සේ විහාරස්ථ ජීවන රටාවෙන් ඉවත්ව භාවනානුයෝගීව කටයුතු කිරීමට දැනට වැඩසිටින ස්ථානය සකසා ගත් බව ධම්මරතන හිමියෝ පවසා සිටියහ.
මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂ රංජිත් කේ. විජිත මහතාගෙන් විමසීමක් කළ අතර, හෙතෙම පවසා සිටියේ, භික්ෂූන් වහන්සේ රැඳී සිටින ස්ථානයෙන් දින 07ක් තුළ ඉවත් වන ලෙස දන්වමින් දැන්වීමක් ප්‍රසිද්ධ කළ බවයි.
අදාළ භික්ෂූන් වහන්සේ රැඳී සිටින ස්ථානයේ දිවියන් දෙදෙනෙකු වාසය කරන බවත්, ඔවුන්ගෙන් උන්වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා දැනුම් දීම් සිදුකර ඇති බවද රංජිත් මහතා පැවසීය.
ඉන්දික අරුණ කුමාර