භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අවසන් වී තිබෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පුද්ගලයන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස පරීක්ෂණ පැවැත්වූ බවත්, එම සියලුම පරීක්ෂණ මේ වනවිට අවසන්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.