භාරත ලක්ෂ්මන් ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කළැයි හිටපු පා.ම. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලට ඊයේ (23දා) දැනුම් දුන්නේය.
වසරකුත් මාස දෙකක කාලයක් තුළ පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව දැනුම් දුන් පසුව විත්තිකරුවන් වෙනුවෙන් ලබන අප්‍රේල් 26 වැනිදා විත්ති වාචක ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විත්ති පාර්ශ්වයට නියම කළේය.
මෙම නඩුව විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නඩුව විභාග කිරීමට පත්කළ මහාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක, එම්.සී.බී.එස්. මොරායස් මහත්ම මහත්මීන්ගෙන් සැදුම් ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව විභාග කෙරේ.