රජයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා රු.බිලියන 400ක අමතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට අවසර ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 31ක් සහ විපක්ෂව ඡන්ද 52ක් ලැබී තිබූ අතර, මුදල් අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 850 සිට රු.බිලියන 1,250ක් දක්වා රු.බිලියන 400කින් වැඩිකර ගැනීම සඳහාය.
රජය, භාණ්ඩාගාර බිල්පත් මගින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රු.බිලියන 829ක් දක්වා වර්ධනය වී ඇති නිසා රු.බිලියන 850 සීමාවට පැමිණීම මේ වනවිට ආසන්න මට්ටමක පවතී. නමුත්, රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් අත්‍යවශ්‍යව තිබෙන නිසා මේ ආකාරයෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය උත්සාහ කළේය.