දිවයිනේ සියලු පළාත් සභාවල මැතිඇමතිවරුන් රජයේ මුදලින් විදේශ සංචාරයන්ට සහභාගී වීම පසුගිය වසර 20කට වැඩි කාලයක් අඛණ්ඩව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මේ වනවිට මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රී කණ්ඩායමක් විදේශගත වී ඇති බවට වාර්තා පළ වන බවද එහි සඳහන් වෙයි.
මාධ්‍ය වාර්තාකරණ ආකාරයේ අති විශාල මුදලක් මධ්‍යම පළාත් සභාවේ මැති ඇමතිවරුන් සඳහා විදේශ සංචාරයකට වැය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් වී නොමැති බවද එහි කියැවෙයි.
2017 වසරේ සිට කිසියම් පළාත් සභාවක මැති ඇමතිවරුන් අධ්‍යයන චාරිකා සඳහා විදේශගත වීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.
එමෙන්ම, මේ වසරේ ඉදිරි කාලසීමාව සඳහාද අධ්‍යයන චාරිකා සඳහා යම් පළාත් සභාවක නියෝජිත පිරිසක් එක් වන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම භාණ්ඩාගාර අනුමැතිය ලබාගත යුතු වන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.