ථේරවාදී බෞද්ධ කථිකාවත් පනත් කෙටුම්පත හා විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව අවසන් වරට සාකච්ඡා කිරීම සඳහා බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා අද (01දා) තෛනිකායික මහා නාහිමිවරුන් හමුවෙන බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මාහිපාණන් වහන්සේ හා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේලා හා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේ මුණගැසී විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වෙන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වෙයි.මෙම පනත් ඔක්තෝබර් මස මුල් සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.