බෞද්ධ නොවන රටවල බුදු දහම පිළිබඳව ප්රබෝධයක්
බෞද්ධ නොවන රටවල බුදුදහම පිළිබඳ ප්රබෝධයකින් එය වැලඳ ගනිමින් යන අවදියක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබූ ජයග්‍රහණයක් බව පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවසීය.
උපකුලපතිවරයා මෙසේ පැවැසුවේ, අද (20දා) පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර සම්මන්ත්රණ ශාලාවේදී තෙවැනි වරටත් පැවැති ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත්‍රණයේදීය.
කලකට ඉහතදී විශ්වවිද්‍යාල අතුරින් පාලි භාෂාව හා බෞද්ධ අධ්‍යාපනය අතින් ලෝකයේම විශ්ව කීර්තියට පත්ව තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පසුව ක්‍රම ක්‍රමයෙන් පහව ගොස් තිබියදී මෑතකදී පෙර පරිදිම යථා තත්ත්වයට පත්වූ බවත් දිසානායක මහතා පවසා සිටියේය.
පාලි භාෂා මාධ්‍යයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය වන මෙහි මෙවර ප්‍රධාන දේශනය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමිපාණන් විසින් පවත්වන ලදී.
චමිල් රූපසිංහ/සෙනරත් බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


