බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා රජයක් ලෙස ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් ඒ සදහා පුළුල් ජාතික හා ජාත්‍යන්තර වැඩ පිළිවෙලක් සකස් කරනා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
මහියංගණය රජමහා විහාරස්ථානයේදී අද(04) පස්වරුවේ පැවැත්වු රාජ්‍ය වෙසක් උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල මහතා මේබව පැවසීය. “මෙත් සිතින් ගුණ වඩමු“ යන්න මෙවර වෙසක් උත්සවයේ තේමාවයි'
බෞද්ධ දර්ශනයේ මඟ පෙන්විම රාජ්‍ය පාලනයට යොදා ගතයුතු බවත් පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කිරිමට, බෞද්ධ වෙහෙර විහාර සංරක්ෂණය සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදිම ඇතුළු කටයුතු සඳහා පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.