බෞද්ධ එකමුතුව යන තේමාව යටතේ ලෝක ථේරවාදී සංඝ සභාව රටවල් 10ක බෞද්ධ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 09දා කොළඹදී පැවැත්විණි.
මෙම සංඝ සභාව සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, කාම්බෝජය, ලාඕසය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල බෞද්ධ නායකයෝ එක්ව සිටියහ.
ලෝකයේ ථේරවාදී බුදුදහම පෝෂණය කිරීම සහ ප්‍රචලිත කිරීමත්, ථේරවාදී බෞද්ධ රටවල් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව ශක්තිමත් කිරීමත් මෙහි මූලික අරමුණ වී ඇති අතර, ලෝක ථේරවාදී සංඝ සභාව විසින් සකස් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමද මෙහිදී සිදුවී තිබුණි.
මේ අතර, සංඝ සභාවට සහභාගී වූ බෞද්ධ නායකයන් කිහිප නමක් 09දා සවස ජනාධිපති ලේකම්වරයා හමුවී සංඝ සභාවේ තීන්දු තීරණ සහ එහි ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කර තිබුණි.