මුලතිව්, තිරුමුරුකණ්ඩි, වසන්තිනගර් ප්රදේශයේ අද (03දා) සවස 4.30 ට පමණ එල්.ටී.ටී.ඊ.ය විසින් නිෂ්පාදිත ටෝපිඩෝ වර්ගයේ බෝම්බයක් පුපුරායාමෙන් එකම පවුලේ පුද්ගලයන් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම් පොලීසිය පවසයි.
මාන්කුලම් පොලීසිය පැවසුවේ, පැරණි යකඩ බඩු එකතු කරන ලබන ස්ථානයක සිදු වූ පිපිරීමකින් අදාළ පුද්ගලයන් තුවල ලබා ඇති බවයි.
යකඩ බඩු එකතු කරනු ලැබූ ස්ථානයේ පුද්ගලයන් පැරණි යකඩ බඩු එකතු කොට අදාළ යකඩ බඩු විකිණීම පිණිස තැලීම සිදුකරන අතර, එහිදී හමු වූ බෝම්බයක්ද තැලීම හේතුවෙන් මෙම පිපිරීම සිදු වී ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
බෝම්බ පිපිරීමෙන් තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා කිලිනොචිචිය හා යාපනය රෝහල් වෙත ඇතුළත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.