වත්මන් රජයේ සංවර්ධන උපාය මාර්ගවලට කුඩා කල්ලියක් භීතියට පත්ව රටේ සංවර්ධන ගමනට බාධා කරන බවත්, බෝඩ් ලෑලි සංස්කෘතියෙන් රටක් ඉදිරියට යා නොහැකි බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පෙරවරුවේ බ්ලුමැන්ඩල්හි, මහවත්ත, ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති, උත්සවයකට සහභාගි වෙමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගිය සතියේ ලංකාවට පැමිණි, ආයෝජකයින් අපෙන් අහනව, මේක රටක්ද, යුද පිටියක්ද කියලා. ගාලු පාරෙන් එනවා, මීගමු පාරෙන් එනවා, නුවර පාරෙන් එනවා, බෝඩ් උස්සගෙන. මේ සුළු කණ්ඩායමක් තමයි, බෝඩ් මත යැපෙන්නෙ. ජනතාවගේ ජීවන බර අපට දැනෙනවා. පසුගිය රජය අපට භාරදුන්නෙ දණින් වට්ටපු ආර්ථිකයක්. මේ තත්ත්වයෙන් රට නිදහස් කරගන්න අපි සියලුදෙනා එක අරමුණින් වැඩ කළ යුතුයි. යනුවෙන් පවසා සිටියේය.