යාපනය කලපුවේ, පන්නෙයි පාලම අසළදී බෝට්ටුවක් පෙරළී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ (24දා) සවස මෙම අනතුර සිදුව තිබේ. කාන්තාවන් සිවුදෙනෙකු, බෝට්ටුව පදවාගෙන ගිය පුද්ගලයා හා තවත් අවුරුදු එක හමාරක දරුවෙකු බෝට්ටුවේ ගමන් කර ඇත.
බෝට්ටුව පෙරළීමෙන් පසුව ක්රියාත්මක වී ඇති පොලීසිය, නාවකි හමුදාව හා ප්රදේශවාසීන් ඔවුන්ව බේරාගෙන ඇත.
කෙසේ වෙතත් බෝට්ටුව පදවාගෙන ගිය පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.