බොලීවියාවේ සංචාරය කරන ප්රථම ශ්රී ලාංකික රාජ්ය නායකයා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (13දා) බොලීවියාව වෙත ළඟා වීය.
77 කණ්ඩායමේ (G77) ස්වර්ණ ජයන්ති අනුස්මරණ රාජ්ය හා ආණ්ඩු නායක සමුළුවට සහභාගි වනු පිණිස ජනාධිපතිවරයා මෙසේ බොලීවියාවේ සැන්ටා ක්රැස් ඩී ලා සියෙරා නගරය වෙත ළඟා වීය.
සැන්ටා ක්රැස් හි විරු විරු අන්තර්ජාතික ගුවන් තොටුපළේදී ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් පිරිනැමූ අතර, බොලීවියානු සෙනට් සභාවේ සභාපති යුජිනියෝ රේහාස් අපාසා සහ කියුබාවේ ශ්රී ලංකා තානාපති සරත් දිසානායක යන මහත්වරු විසින් ඔහු පිළිගන්නා ලදී.
යහපත් දිවි පෙවෙතක් සඳහා නව ලෝක රටාවක් යන තේමාව යටතේ මෙවර නායක මහුව හෙට (14දා) සහ අනිද්දා (15දා) යන දෙදින බොලීවියාවේ සැන්ටා ක්ර්ස් ඩී ලා සියෙරා නගරයේදී පැවැත්වීමට නියමිතය.