බොරැල්ල පොලිස් ස්ථානය අසල දෙමහල් නිවසකින් මත්පැන් බෝතල් 26,000 ක් අත්අඩංගුවට
බොරැල්ල පොලිස් ස්ථානයට ආසන්නයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් තොග ගබඩාවක් වටලා රුපියල් කෝටි 10 කට අධිකව වටිනා විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඊයේ (26දා) සවස සිදුකළ මෙම මෙහෙයුම මගින් විදේශීය මත්පැන් බෝතල් 26,000 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙන අතර, පිළිකා පිළිබඳ රූපමය අවවාද සහිත සිගරැට් පැකට්ටු විශාල තොගයක්ද සොයාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඡායාරූප - ඉෂාන් සංජීව