තුන්තාන ප්රදේශයේදී ගසක් කපා දමා බොරැල්ල ස්ථානාධිපති ඝාතනය කිරීම සඳහා කටයුතු කළ පුද්ගලයන් තිදෙනෙකු හා උද්ඝෝෂණ මෙහෙයවූ පුද්ගලයන් 23 දෙනෙකු ඇතුළු 26 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක්, විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩාම් තුනක් විසින් ආරම්භ කර තිබෙන මෙම මෙහෙයුමට අමතරව ප්රදේශයේ පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කිරීමද ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වනවිට පුද්ගලයන් 31 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.