පොලිස් අධිකාරි ප්‍රසාද් සිරිවර්ධන ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉලංදාරි පේඩිගේ සරත් ( 51) හා නුවරපක්ෂ පේඩිගේ නිමල් (33) යන සැකකරුවෝ දෙදෙනාය.
හංවැල්ල තුන්නාන ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරුවන් අතරින් පේඩිගේ සරත් ති‍්‍රකුණාමල ප්‍රදේශයේදීත්, පේඩිගේ නිමල් රත්නපුර ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබේ.