සොයන්නාට අපහසු වූවත් වනය තුළ කළුනික තිබෙනවා සේම, බෞද්ධ ප්රතිපත්තිමත පදනම් වු ජාතික නායකයෙකු සෙවීම අපහසු බවත්, එසේ වුවද බොදුබල සේනා සතුව එවන් ජාතික නායකයකු සිටින බවද බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එම ජාතික නායකයා 28 වැනිදා බොදුබල සේනා සඟ සමුළුවේදී රටටම අනාවරණය කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේය. අද (23 දා) පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ මෙම අදහස් දැක්වූහ.