කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ අමාත්‍යාංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වූවැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් හය නමක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද (12දා) නියෝග කළේය.
පසුගිය වසරේ අප්‍රේල් මස 23 වැනිදා ජාතික බලසේනා සංවිධානයේ මහලේකම් වටරැක විජිත හිමියන් අමාත්‍යාංශය තුළ සැඟව සිටින බව පවසමින් උන්වහන්සේ සොයමින් බලහත්කාරයෙන් තම අමාත්‍යාංශ පරිශ්‍රයට කඩාවැදුණු බවට එම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.