බොදු බලසේනා ජාලයේ ස්වාමින් වහන්සේලා සහ එම සංවිධානයට සම්බන්ධ කිහිපදෙනෙක් අද (23දා) මල්වතු හා අස්ගිරි මහා නායක නාහිමිවරුන් සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන් හමුවීමට බලාපොරොත්තුවෙන් පසුවෙති.
මෙම හමුව අද පෙ.ව. 10ට මල්වතු මහාවිහාරයේදී සිදුවෙන බව එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.