රටේ බහුතර දිස්ත්රික්ක ගණනාවක් සඳහා මහ මැතිවරණයේදී ස්වාධීනව තරග කිරීමට බොදු බල සේනා සංවිධානය තීරණය කර තිබේ.
හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවීම හේතුවෙන් සියලු දිස්ත්රික්ක සඳහා නාමයෝජනා ලබාදීමට සිය සංවිධානයට නොහැකි වනු ඇති බව බොදු බල සේනා සංවිධානයේ උපදේශක ඩිලන්ත විතානගේ මහතා අද ට පැවසීය.
බොදු ජන පෙරමුණ පක්ෂයෙන් මහ මැතිවරණය සඳහා තරග කිරීමට නියමිත බොදු බල සේනාව කිසිදු පක්ෂයක් සමග ඒකාබද්ධ නොවී තරග කිරීමට තීරණයක් ගෙන ඇතැයිද හෙතෙම ප්රකාශ කළේය.
"දැනට සියයට 40 ක් පමණ අපේ නාමයෝජනා පත්ර සකස් වී අවසන්. මුළු ලංකාව තුළම තරග කිරීමට බලාපොරොත්තු වී සිටියත් 20 වැනි සංශෝධනය සම්මත නොවී පාර්ලිමේන්තුව විසුරුවීම නිසා අපට එයට කාල වේලාව මදි වුණා. නමුත් රටේ බහුතර දිස්ත්රික්ක ගණනාවකට ස්වාධීන පක්ෂයක් හැටියට තරග කිරීමට අපට හැකිවේවි. අප කිසිදු පක්ෂයක් සමග ඒකාබද්ධ නොවී ස්වාධීනවයි තරග කරන්නේ" යැයි ඩිලන්ත විතානගේ මහතා පැවසීය.
පක්ෂෙය් සලකුණ ලෙස නාග සලකුණ ඉල්ලා අැති බවත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉදිරිෙය් දී තීරණයක් ලබා දෙනු අැති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.