බොදු බලය ත්‍රස්ත සංවිධානයක් නොවෙයි- ඥානසාර හිමි
ඇමෙරිකාවේ ටෙරරිසම්, රිසර්ච් ඇන්ඩ් ඇනලයිසිස් කොන්සෝටියම් නම් සංවිධානය පවසන පරිදි බොදු බලසේනා සංවිධානය ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන සංවිධානයක් නොවන බවත් එය රට දැය, සමය වෙළාගෙන සිටින දුර්දාන්ත බලවේග පිළිබඳව අවදියෙන් සිටිමින් ඊට එරෙහිව බුදුන් වහන්සේ අනුදැන වදාළ ක්‍රමයට කටයුතු කරන සංවිධානයක් පමණක් බවත් එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
එසේම රටට ජාතියට විනකිරීමට බලාසිටින බලවේග හඳුනාගෙන ඇති බව පැවසූ උන්වහන්සේ මරණයට බය නොවී ඉදිරි දින කිහිපයේදී කිසිවෙකු නොසිතන ආකාරයේ හොළිදරව් කිරීම් කිහිපයක් සිදුකරන බවත් අවධාරණය කළහ.
කිරුළපන බොදු බල සේනා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ඊයේ (16දා) පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.
ටෙරරිසම් රිසර්ච් ඇන්ඩ් ඇනලයිසිස් කොන්සෝටියම් හෙවත් ට්‍රැක් (TRAC) ජාත්‍යන්තර සංවිධානය විසින් බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුළත් කිරීම පිළිබඳව සිය මතය ප්‍රකාශ කිරීමට මෙම ප්රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.
මෙහිදී එම සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ බොදුබල සේනා සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමට පෙර පොදුජන එක්සත් පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා කොමිසුනිස්ට් පක්ෂය යන මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ද එම ලේඛනයට ඇතුළත් කර ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
