පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් අසම්පූර්ණ ජාතික කොඩිය අතැතිව බොදු ජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරඟකරන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සාමාජිකයෝ සිය ප්‍රචාරණ කටයුතු ගම්පහින් ඇරඹූහ. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනය ලබන 23 වැනිදා මහනුවරදී එළිදැක්වීමට නියමිතය.