බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් සමග සටන් විරාමයකට යෑම සඳහාත්, ඔවුන් විසින් රඳවාගෙන සිටින පාසල් දැරියන් පිරිස නිදහස් කරගැනීමටත් එකඟතාවකට පැමිණි බව නයිජීරියානු රජය පවසයි.
නයිජීරියානු ආරක්ෂක ප්‍රධානී ඇලෙක්ස් බඩේ සටන් විරාමය පිළිබඳ මෙම නිවේදනය සිදුකළත්, බොකෝ හරාම් සංවිධානය තවම ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර නොමැත.
2009 වසරේ සිට එරට තුළ ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන බොකෝ හරාම් සංවිධානය මෙම වසරේදී පමණක් සිවිල් වැසියන් 2000කට වැඩි පිරිසක් ඝාතනය කර තිබේ.
ඔවුන් මීට මාස 6කට පමණ පෙර එරට පාසලකින් ගැහැණු දරුවන් 200ක් පමණ පැහැගත් අතර, බටහිර අධ්‍යාපනයට හා ගැහැණුන් අධ්‍යාපනය අවශ්‍ය නොවන බව පවසමින් ඔවුන් මෙම පැහැර ගැනීම සිදුකර තිබුණි.
මේ අතර, මෙම දරුවන් බේරාගැනීම වෙනුවෙන් ලොව පුරා ගෙන ගිය Bring Back Our Girls ව්‍යාපාරයේ නිරත පිරිස් කියා සිටින්නේ දරුවන්ගේ නිදහස් වීම සම්බන්ධයෙන් ඔවුන් දැඩි බලාපොරොත්තුවකින් දෑස් අයා සිටින බවයි.