බොකෝ හරාම් ත්‍රස්ත නායකයා ඝාතනය කරයි
නයිජීරියාවේ ක්‍රියාත්මක බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයේ මියගිය නායක අබුබකර් ෂෙකාවු ලෙස පෙනී සිටිමින්, එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ මොහොම්මද් බෂීර් නමැත්තා ප්‍රතිත්‍රස්ත මෙහෙයුමකදී ඝාතනය කළ බව නයිජීරියානු ආරක්ෂක අංශ අද (24දා) දිනයේ තහවුරු කළ බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
ඊසානදිග නයිජීරියාවේදී එරට හමුදාව හා ඉස්ලාමීය අන්වාදීන් අතර පැවති දරුණු සටනකදී ඔහුට සිය ජීවිතය අහිමි වී තිබේ.
නයිජීරියාවේ පාසල් ශිෂ්‍යාවන් 200කට වැඩි පිරිසක් පැහැරගැනීමේ සිදුවීමත් සමග නිතර අන්තර්ජාලය හරහා වීඩියෝ පණිවුඩ නිකුත් කරමින්, අබුබකර් ෂෙකාවු ලෙස පෙනී සිටිමින් භීතිය වැපිරූ මොහු නිරායුධ මිනිසුන් දහස් ගණනින් ඝාතනය කිරීමට නායකත්වය දුන් ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙයි.
"මොහු නමින් මොහම්මද් බෂීර්. නමුත්, මොහු බෝකෝ හරාම් සංවිධානයේ මියගිය නායක අබුබකර් ෂෙකාවු නමින් පෙනී සිටිමින් එම සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා. ඒ කොහොම වෙතත් දැන් මේ අනියම් ත්‍රස්තයාත් මියගිය බව තහවුරුයි" යනුවෙන් එරට හමුදා ප්‍රකාශක ක්‍රිස් ඔලුකොලාදේ පවසා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

