අපවත්වී වදාළ පූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (08දා) සවස 3.00ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයෙන් අද සවස 1.00ට පිටත් වන දේහය රැගත් පෙරහර මහරගම - දෙහිවල මාර්ගය (119)ඔස්සේ බොරලැස්ගමුව මංසන්ධියට පිවිස, කැස්බෑව - කොළඹ (120) මාර්ගය ඔස්සේ රත්තනපිටිය හන්දිය, විශ්වවිද්‍යාල පාර ඔස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියට පැමිණීමට නියමිතය.
ආදාහන පූජෝත්සව පෙරහරට සහභාගි වන සියලු දෙනා සුදුවතින් සැරසී ප.ව. 01.00ට පෙර බෙල්ලන්විල රාජමහා විහාරස්ථනයට පැමිණෙන ලෙස ආදාහන කමිටුව ඉල්ලා සිටියි.
එමෙන්ම ආදාහන පූජෝත්සවයෙන් පසු ඊට සහභාගි වන සියලු දෙනාට ශ්රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය කරා යළි පැමිණීමට බස්රථ පහසුකම් සලසා ඇතැයිදආදාහන කමිටුව සඳහන් කරයි.
බෙල්ලන්විල රාජමහා විහාරාධිකාරී,කෝට්ටේ ශ්රීකල්යාණි සාමග්‍රී මහාසංඝ සභාවේ අනුනායක, ශ්රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති යන ධුරයන්හි කටයුතු කළ විමලරතන හිමියන්ගේ අපවත්වීම සැල වූ මොහොතේ පටන් ඉකුත් දින කිහිපය තුළ බෙල්ලන්විල රාජමහා විහාරය වෙත විශාල පිරිසක් පැමිණියහ.
මෙරටෙහි සිදුකළ සියලුම ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ආගමික වැඩසටහන්වලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ විමලරතන හිමියන්ගේ අපවත්වීම පිළිබඳ බොහෝදෙනා ශෝකය පළකරති.
දෙහිවල - එච්.එම්. ධර්මපාල