බෙන්තර ගඟට පමණක් ආවේණික බවට සැලකෙන දිමිත්තා නමැති දුර්ලභ හා අලංකාර මත්ස්‍යයා බෙන්තර ගඟෙන් ශීඝ්‍රයෙන් වඳ වෙමින් පවතින බව ප්‍රදේශයේ පරිසර හිතකාමීහු පවසති.
බෙන්තර ගඟේ කඩොලාන ආශ්‍රිතව රංචු වශයෙන් ජීවත්වූ මෙම මත්ස්‍යයාගේ මුඛයට ඉහළින් පිහිටි සියුම් සිදුරක් ඇති අතර එමගින් ජල ධාරාවක් විද, ජල තලයට ඉහළින් ගඟට බරව ඇති දිමි ගොටුවලින් දිමි බිත්තර ජලයට වට්ටවා ඒවා ආහාරයට ගැනීමේ අපූර්ව හැකියාවක් ඇති බව පැවසේ.
පරිසරවේදීන් පෙන්වා දෙන්නේ බෙන්තර ගඟේ නිරන්තරයෙන් සංචාරකයන් රැගත් අධිවේගී බෝට්ටු ගමන් කිරීමත් සමග ප්රචණ්ඩ රැලි ගං ඉවුරට ඒමත් බෝට්ටුවල ශබ්දයත් මිනිස් කටයුතු සඳහා මෙම මත්ස්‍යයාගේ වාස භූමි වන කඩොලාන පරිසරය විනාශ කිරීමත් දිමිත්තාගේ බෝවීමට අහිතකර ලෙස බලපා ඇති බවයි.
මේ හේතු නිසා මේ වනවිට බෙන්තර ගඟේදී දිමිත්තා දැක ගැනීම අසීරු කාර්යයක් වී ඇතැයිද පරිසරවේදීහු සඳහන් කරති.
බෙන්තර චතුරිකා