දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් අහස වළාකුලින් බරව පවතින අතර, වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවයි.
එමෙන්ම, දිවයිනේ සමහරක් ස්ථානවල (විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල) සමහර ප්‍රදේශවල තද වැසි (මි.මී.100 ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද පවසා සිටියි.
දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමට සහ ක්ෂණිකව සුළං වේගය (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසා සිටියි.