බුරුන්ඩි රාජ්‍යයේ අගනගරය වන බුජුම්බුරා හි පාලනය සියතට ගැනීම වෙනුවෙන් එරට හමුදා සාමාජිකයන් කොටසක් කුමන්ත්රණයක නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මේ වනවිටත් බුරුන්ඩි රජයේ රූපවාහිනියේ මෙන්ම ගුවන් තොටුපොළ ආශ්‍රිතවද සටන් ඇවිලෙන බවද වාර්තා වෙයි.
මේ අතර, බුරුන්ඩි ජනාධිපති පියරේ න්කුරුන්සිසාට පක්ෂපාතී හමුදා පවසන්නේ ඔවුන් යළිත් නගරය තුළ බලය පතුරුවමින් සිටින බවයි. කෙසේ වෙතත්, කුමන්ත්‍රණය මෙහෙයවන හමුදා නායකයන් පවසන්නේ ඔවුන් තවමත් නගරයේ බලය අල්ලාගෙන සිටින බවයි.
තමා තුන් වැනි වරටද ජනපති ධුරයේ රැඳීමට සූදානම් වන බව ජනපති න්කුරුන්සිසා පැවසීමත් සමග මෙම දේශපාලන ව්යවුල බුරුන්ඩිය තුළ ඇති විය.
රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකිරීමට යන මෙම ක්‍රියාව නවත්වන බව විපක්ෂ ක්‍රියාකාරීහු පවසති.