(VIDEO) ඓතිහාසික දීඝවාපී පුදබිමේ එක් පරිවාර චෛත්‍ය විහාරයක බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම මුල්කර ගනිමින් ඊයේ (07දා) රැස්වූ අම්පාර දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටුව උණුසුම් වී තිබේ.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මන්සූර් මහතා පවසා සිටියේ, මෙම පිළිම වහන්සේ තැන්පත් කර ඇත්තේ මුස්ලිම් ගම්මානයක වන හෙයින් එය නොකළ යුතුව තිබූ බවයි. එසේම, මෙමගින් යහපාලනයට හා සංහිඳියාවට හානියක් විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා මන්සූර් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයට විරෝධය දැක්වූ අතර, හෙතෙම පවසා සිටියේ, බුද්ධාගමට ප්‍රමුඛතාව ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා ඇති සියලුදෙනා එය ක්‍රියාවෙන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.
බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමට උපකාර කිරීම හේතුවෙන් යහපාලනය හෝ සංහිඳියාව බිඳ වැටෙන්නේ යැයි යමෙක් පවසන්නේ නම්, එවැනි පසුබිමක් තුළ තම අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද පසුබට නොවන බව දයා ගමගේ මහතා පැවසීය.
VIDEO