බුදු දහමේ ව්‍යාප්තිය සඳහා ලොව කිසිදු තැනක ආක්‍රමණයක් සිදු වී නැතැයිද අන්‍ය ආගම්වලට, සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් දිවි ගෙවීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන ආගම් සහ දර්ශනයන් අතර බුදු දහම අද්විතීය වන්නේයැයිද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පොසොන් පණිවුඩයෙන් කියයි.
එසේ වුවත් අන්තවාදී මතවාද, අදූරදර්ශී ක්‍රියා පිළිවෙත්, ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා මෑත කාලයේ බුදු දහමේ ධාර්මික චින්තනයත්, මෛත්‍රීය පදනම් කරගත් අවිහිංසාවාදී ක්‍රියා පිළිවෙතත් අභියෝගයට ලක් වී තිබෙන බවත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.