නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ ඒකීය රාජ්‍යය පවත්වාගෙන යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.
බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබානොදෙන්නේනම් තමාද නව ව්‍යවස්ථාව සඳහා ඡන්දය ලබානොදෙන බව හෙතෙම පැවසුවේ ඊයේ(30දා) පාර්ලිමේන්තුවේදී පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරුවාර්තා විවාදයට එක්වෙමිනි.
“මේ රට බෙදන්න ඉඩ දිය නොහැකියි. ශ්‍රී ලංකාව ඒකීය රටක්. ඒ සඳහා අපට ජනවරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරමට විරුද්ධ විය නොහැකියි. මේ ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය ලබානොදෙන්නේ නම් ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලාංකිකයෙකු ලෙස මමත් එයට විරුද්ධව ඡන්දය දෙනවා. බුද්ධාගමට අනිවාර්යයෙන්ම මුල් තැන දිය යුතුයි.
සම්බුද්ධ ශාසනයට ප්රමුඛ ස්ථානය දෙන ගමන් ඕනෑම අයෙකුට තම ආගම ඇදහීමේ අයිතිය ලබාදිය යුතුයි. ජනතාවගේ බදු මුදල් හොරා කමින් පසුගිය ආණ්ඩුව බුද්ධාගමවත්, ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීමවත් කළේ නැහැ. එජාපය ඩබල් ගේම් ගහන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් යටතේ එජාපය කෙළින් සිටියා. රටේ ජනතාව අවංකභාවයෙන් මේ ගැන තීරණයක් ගත යුතුයි.
ඉඩම් හා පොලිස් බලතල සීමාවකින් යුතුව නව ව්‍යවස්ථාවෙන් ලබාදීම සිදු කරනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි. නව ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිනවා වගේ පෙන්වලා මැතිවරණ ක්‍රමය විතරක් වෙනස් කිරීමේ අවදානමක් තිබෙනවා. එහෙම එකකට අපි අත උස්සන්නේ නැහැ. රටට ගැළපෙන වාතාවරණයක් නිර්මාණය කළ යුතුයි" යැයි පැවසීය.