1815 උඩරට ගිවිසුම අනුව බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීම හා එය ආරක්ෂා කිරීම උඩරට ගිවිසුමේ කොන්දේසියක් බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද කිසිදු වෙනස්කමකින් තොරව එම වගන්තිය සඳහන්ව ඇති බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (20දා)මහනුවර ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගැනීමෙන් අනතුරුව අස්ගිරි හා මල්වතු මහනාහිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.