බුද්ධාගමට උදාරත්වය දෙමින් සියලු ආගම් රකිනවා - ජනපති
බෞද්ධාගම සඳහා උදාරත්වය ලබාදෙමින් සෙසු ආගම්ද ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (24දා) කෑරගල පද්මාවතී පිරිවෙනේ පැවැති ‘පුනරුදය පිරිවෙන් ප්‍රතිභා 2014’ වැඩසටහනට එක්වෙමින් ජනපතිවරයා ඉහත අදහස් ප්‍රකාශ කළ බව රජයේ ප්රවෘත්ති ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.
එසේම සමහර දේශපාලන පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ පවතින ආගමික සහජීවනය පිළිබඳව වැරදි පිංතූරයක් ලොවට රැගෙන යාමට උත්සාහ කරන බවද සඳහන් කළ ජනපතිවරයා වැඩිදුරටත් පැවැසුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් පල්ලි හා ක්‍රිස්තියානි දේවස්ථාන විනාශකරමින් සිටින බවට ඔවුන් ජාත්‍යන්තරය හමුවේ පවසන බවයි.
එවැනි ආකාරයකට ආගමික සිද්ධස්ථානයක් විනාශ කර ඇත්නම් පෙන්වාදෙන ලෙසත්, රජය විසින් සියලු ආගමිකයන් මෙන්ම ජනවර්ගයා සඳහා සමානව සලකන බවත් ජනපතිවරයා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

