බුද්ධංගල ආරණ්‍ය සේනාසනාධිපති, ශාසනවංශ විභූෂණ, ශාසන සෝබන, ශ්‍රී කම්මට්ඨාචාර්ය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ පාලක සංඝ සභික, අතිපූජ්‍ය කලුතර ධම්මානන්ද හිමියෝ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06දා) උදෑසන අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 88 වැනි වියෙහි පසුවූහ.
උන්වහන්සේගේ දේහය මේවන විට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අද දහවල් ගුවන් මගින් අම්පාරට ගෙන ඒමට කටයුතු සංවිධානය කර තිබේ.
උන්වහන්සේගේ දේහය අද (06දා) හා හෙට (07දා) බුද්ධංගල සේනාසනයේ තැන්පත් කිරීමට කටයුතු සූදානම් කර තිබේ. අද (06දා) පස්වරු 3.00 ට අම්පාර දහම් මැදුරට ගෙන ඒමටද කටයුතු කර තිබේ.