කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව සංවිධානය කරන 'බුද්ධ රශ්මි' වෙසක් කලාපය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15දා) පස්වරුවේ විවෘත කෙරිණි.
ගංගාරාම සීමාමාලකයේදී ආලෝක පහන් දැල්වූ ජනාධිපතිවරයා බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කළ අතර, ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නායක හිමිපාණන් වහන්සේ මෙහිදී විශේෂ අනුශාසනාවක්ද කළහ.
මෙම අවස්ථාවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
'බුද්ධ රශ්මි' වෙසක් කලාපය ලබන 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.