බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කිරීමට ශ්රී ලංකා පොලීසිය තීරණය කර තිබේ.
ඒ අනුව බීමත් රියදුරන් පරීක්ෂා කරන ශ්වසන පරීක්ෂණ නල 90000ක් අද (05දා) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා හැරි බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත්වන රියදුරන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් ඔවුන්ගේ රියදුරු බලපත්රය යම් කාලයකට අත්හිටුවීමට අධිකරණයෙන් ඉල්ලීම් කිරීමටත් පොලීසිය සූදානම් වෙයි.