බීමත් යුද හමුදා සෙබළෙකු කුරුණෑගලදී මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් සිදුවූ අනතුරු තුනකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
අධික ලෙස මත්පැන් පානය කර ඇති මෙම යුද හමුදා සෙබළා කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කරනු ලැබූ අනතුරකින් 71 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකාර සෙබළා අත්අඩංගුවට ගෙන ඇති ඔහු නාරම්මල ප්‍රදේශයේ පදිංචිව සිටින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සේවය කරන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.