පොලීසිය විසින් පැය 24ක් තුළ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 211 අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.
ඊයේ (11දා) උදෑසන 6.00 සිට අද (12දා) උදෑසන 6.00 දක්වා දිවයිනේ සියලුම ප්රදේශ ආවරණය මෙම සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කරන ලදී.
මෙහිදී බීමත් යතුරු පැදි ධාවකයන් 132ක්, ති්රරෝද රථ රියදුරන් 57ක්, වෙනත් වාහන 19ක රියදුරන් හා බස්රථ රියදුරන් 03ක් මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පෙරේදා (10දා) උදෑසන 6.00 සිට අද (12දා) උදෑසන 6.00 දක්වා දිවයිනේ සියලුම ප්රදේශ ආවරණය වන පරිදි කළ සෝදිසි මෙහෙයුම් වලදී රියදුරෝ379ක් අත්අඩංගුවට පත්ව සිටිති.