සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් කළ ආකාරයට බීඩි සහ සුරුට්ටු පැකට්ටුවලද රූපමය අවවාද සටහන් කිරීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
රෝග රැසකට බහුලවම බලපාන දුම්පානය අවම කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත සිගරට් පැකට්ටුවේ රූපමය අවවාද සටහන් කරන ලදී. නමුත් මෙතෙක් බීඩි සහ සුරුට්ටු පැකට්ටුවල රූපමය අවවාද නොමැති අතර,ඉදිරියේදී රූපමය අවවාද සටහන් කිරීමට අවධානය යොමුව තිබේ.
ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාවක් මත දුම්කොළ නිෂ්පාදනවල බදු ප්‍රතිශතය 90% දක්වා වැඩිකර ඇති අතර, අද වනවිට දුම්වැටියක මිල රුපියල් 50 දක්වා වැඩිවී ඇත. දුම්වැටි මිල වැඩි කිරීමෙන්ද දුම්පානය කරන්නන්ගේ සංඛ්‍යාව 4-5% ක් දක්වා අවම කරගැනීම අපේක්ෂාව බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.