මේ වන විට ශ්‍රී ලංකාවේ වියළි කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක නිසි නඩත්තුවක් නොමැතිකම නිසා කැඩී බිඳී ගොස්, අතහැර දමන ලද වැව් 2,055 ක් සහ අමුණු 1,578 ක් තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්වත් කර ඇත.
ඒ අනුව 2018, 2019 වසර දෙක තුළ කැඩී බිඳී ගිය සියලු වැව් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.
මෙම ව්‍යාපෘතිය සඳහා 2018 වසර තුළ වැය කිරීමට අපේක්ෂිත මුදල රු.මි. 1,000 කි. එමඟින් කැඩී බිඳී ගොස් අතහැර දමන ලද වැව් 1,500 ක රොන්මඩ ඉවත් කිරීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණ කටයුතු 2018 වර්ෂය තුළ සිදු කිරීමට නියමිතය.