රුපියල් බිලියන 10.2 කට අධික වටිනාකමින් යුත් කල්ඉකුත් වූ ඖෂධ තොගයක් විනාශ කිරීමට සිදුව තිබෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් කැලණියේ පැවැති ගබඩාවක් වැටලීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එම ගබඩාවේ පමණක් රුපියල් කෝටි 30ට අධික වටිනාකමකින් යුතු කල්ඉකුත් වූ බෙහෙත් තොගයක් තිබෙන බවත්, රෝහල්වල රෝගීන් සඳහා බෙහෙත් නොමැති තත්ත්වයක් තුළ කල් ඉකුත් වූ බෙහෙත් මේ ආකාරයෙන් විනාශ කිරීමට සිදුවීම බලවත් පාඩුවක් බවත් හෙතෙම සඳහන් කළේය.
එසේම මෙවැනි කල් ඉකුත් වූ බෙහෙත් පෞද්ගලික බෙහෙත් ශාලාවලට යාමට ඉඩ තිබෙන බවත්, මෙම ගබඩාවේ බෙහෙත් ගබඩා කිරීමේදී ඒ සඳහා නිසි ක්‍රමවේද භාවිත කර නොමැති බවත් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීමේ ක්‍රමවේදයේ බරපතළ ගැටලුවක් පවතින බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙම වැටලීමට කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති, එහි සාමාජිකයන් වන අශෝක් අබේසිංහ හා රන්ජන් රාමනායක යන නියෝජ්‍ය අමාත්‍යවරුද එක්වූහ.
මෙම ගබඩාවේ තිබී 2008 වසරේදී කල්ඉකුත් වූ ඖෂධද, 2013 වසරේ නිෂ්පාදනය කර 2015 වසරේ කල්ඉකුත් වූ ඖෂධද හමුවිය.මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ, මෙවැනි හෙළිදරව් කිරීම් සිදුකිරීමේදී පාර්ලිමේන්තුවේදී ගුටිබැට හුවමාරු කර ගැනීමටද සිදුවන බවයි. එසේ වුවත් මෙවැනි හෙළිදරව් කිරීම් දිගටම සිදුකරන බවද ඔහු පැවැසීය.
කල්ඉකුත් වූ ඖෂධ විනාශ කිරීමට එක්තරා ආයතනයකට භාරදී තිබුණත් එය නිවැරදි අයුරින් සිදුව නොමැති බව මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසා සිටියේය.මෙම වැටලීමෙන් අනතුරුව කමිටු නියෝජිතයෝ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේද වැටලීමක නිරත වූහ.
මෙහිදී අදහස් දැක්වූ කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කෝප් කමිටුව වැටලීම් සිදුකිරීම ආරම්භ කළ බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරන බවත්ය.