තම දොළොස් හැවිරිදි පුතුට තියුණු ආයුධයකින් හිසට පහර දී බරපතල තුවාල සිදු කලැයි චෝදනා ලැබ සිටි පියෙකු නවගත්තේගම, තරනගස්වැව ප්රදේශයේ දී අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණේ නවගත්තේගම තරනගස්වැව ප්රදේශයේ පදිංචිකරුවකි. මොහු තම බිරිද සමග කලක පටන් තිබූ ආරවුලකට පලිය ලෙස ඔහුගේ දොළොස් හැවිරිදි පුතුට මන්නයකින් කොටා ඇති බව පොලිසිය කියයි.
බරපතල ලෙස හිසට තුවාල සිදු වූ දොළොස් හැවිරිදි දරුවා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පුත්තලම මූලික රෝහලට මාරුකර යැවීමට කටයුතු කර තිබුණි.
දරුවාගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්රදේශය මග හැර සැගවී සිටි සැකකාර පියා නවගත්තේගම පොලිසියේ පොලිස් කණ්ඩායමක් විසින් අද (2දා) අත්අඩංගුවට ගෙන තිබුණි.