තමාගේ බිරිඳ වන පෙරෝසා මුසම්මිල් මහත්මිය එ.ජා.ප.යෙන් ඉවත් වුවද තමා කිසිවිටක පක්ෂය හැර නොයන බවත්, කොළඹ පුරපති ධුරයේ දිගටම රැඳී සිටින බවත් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පැවසීය.
“පෙරෝසා මගේ බිරිඳ වුණාට එයාගේ කටයුතුයි, මගේ කටයුතුයි වෙනස්. ඒ නිසා ඇය තීරණයක් ගත්තා කියා මම ඒ දේම කිරීම අවශ්‍ය වෙන්නේ නෑ* යැයි හෙතෙම පැවසීය.
“මටත් වැඩිය එයා තමයි පක්ෂය වෙනුවෙන් කැපවෙලා වැඩකළේ. එහෙම එකේ නාම යෝජනා නුදුන් නිසා පක්ෂයේ වැඩවලින් ඉවත් වුණේ හිතේ කලකිරීමෙන්. මේ තත්ත්වය වෙනස් වුණොත් ඇය යළිත් පක්ෂයට ඒවි* යනුවෙන්ද මුසම්මිල් මහතා පැවසීය.