බියගම පොලීසිය විසින් සංවිධානය කළ මත්ද්‍රව්‍ය විරෝධී පාගමක් පසුගියදා බියගමදී පැවැත්විණි. බියගම ෆොන්ටෙරා ආයතනය අසලින් ආරම්භ වූ එම පාගමන බණ්ඩාරවත්ත මංන්ධිය දක්වා පැවැත්විණි. අත්පත්‍රිකා බෙදාහැරීමක් හා දැනුවත් කිරීමක්ද මෙහිදී සිදුකෙරිණි.
බියගම පොලිස් ස්ථානාධිපතිතුමා, උපපොලිස් පරීක්ෂක ප්‍රභාත් යසවර්ධන මහතා, සියලුම අංශවල ස්ථානාධිපතිවරුන් බියගම පොලිස් වසමේ පාසල්, සිවිල් ආරක්ෂක කමිටු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.